ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ජනපතිගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැසසුමට(ඡායාරූප)

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.

ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු නියෝජිතයන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව දැනුම් දුන්නා.

ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙහිදී ශ්‍රී ලංකාවට සුබ පැතූ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අභියෝග ජය ගෙන යන මගේදී ජනාධිපතිවරයාගේ නායකත්වය ඇගයීමට ලක් කළා.

අනෙකුත් ජාතීන් හා සසඳන විට ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිළිගනු ලැබුවා.

ඊට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවල තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මාර්කෝ සෙගොන් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ඇගැයීම් හැකියාව වර්ධනය කිරීමට සහාය දැක්වීමට ද සහතික විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධන විශේෂඥ අසේල කළුගම්පිටිය යන මහත්වරු සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

UN Population Fund 03 2
UN Population Fund 04 2
UN Population Fund 01
UN Population Fund 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?