ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ජනපතිගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැසසුමට(ඡායාරූප)

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.

ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු නියෝජිතයන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව දැනුම් දුන්නා.

ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙහිදී ශ්‍රී ලංකාවට සුබ පැතූ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අභියෝග ජය ගෙන යන මගේදී ජනාධිපතිවරයාගේ නායකත්වය ඇගයීමට ලක් කළා.

අනෙකුත් ජාතීන් හා සසඳන විට ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිළිගනු ලැබුවා.

ඊට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවල තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මාර්කෝ සෙගොන් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ඇගැයීම් හැකියාව වර්ධනය කිරීමට සහාය දැක්වීමට ද සහතික විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධන විශේෂඥ අසේල කළුගම්පිටිය යන මහත්වරු සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

UN Population Fund 03 2
UN Population Fund 04 2
UN Population Fund 01
UN Population Fund 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29