සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් අයෙක් මරුට – සැකකරුවන් තිදෙනෙකුත් අල්ලයි

බොරැල්ල, සහස්පුර ප්‍රදේශයේ පසුගිය 07 වනදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබෙනවා.

සහස්පුර පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ක්‍රිකට් තරගයක් සංවිධානය කරමින් සිටි තරුණයින් පිරිසකට පසුගිය 07 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් මීට පෙර තරුණයෙක් මිය ගියා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබිම සිදුකර පළාගොස් තිබුණා.

මේ අතර මෙම වැඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බවයි වාර්තා වුණේ.

මෙම වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුගෙන් මේ වනවි රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?