සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් අයෙක් මරුට – සැකකරුවන් තිදෙනෙකුත් අල්ලයි

බොරැල්ල, සහස්පුර ප්‍රදේශයේ පසුගිය 07 වනදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබෙනවා.

සහස්පුර පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ක්‍රිකට් තරගයක් සංවිධානය කරමින් සිටි තරුණයින් පිරිසකට පසුගිය 07 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් මීට පෙර තරුණයෙක් මිය ගියා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබිම සිදුකර පළාගොස් තිබුණා.

මේ අතර මෙම වැඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බවයි වාර්තා වුණේ.

මෙම වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුගෙන් මේ වනවි රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30