AFC Banner
Empty Ad
Empty Ad

සහන මිලට සහල් දෙන්න අලුත්ම ක්‍රමයක්

ලංකා සතොස වෙත පමණක් නිකුත් කළ සහල් තොග සියලු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත මෙම සතිය තුළ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

වෙළෙද අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළෙදසැල් ජාලයේ නියෝජිතයි අතර වෙළඳ අමාත්‍යංශයේ ඊයේ (01) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකු සඳහා සහල් කිලෝ ග්‍රෑම් පහක (05) උපරිමයකට යටත්ව ලබාගත හැකි අතර එම සහල් වර්ග අලෙවි කරනු ලබන සිල්ලර මිල ගණන් පහත දැක්වෙනවා.

නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 145.00
සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 175.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?