සවස් කාලයේ හා රාත්‍රියේ ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත් සහ අනුරාධපුර, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම දෙපාර්තමේන්තුව විසින් අද (18) පෙරවරු 3.00ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?