සරුංගලයෙන් අහසට ගිය තරුණයා

යාපනය,තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ තරුණයෙකු විශාල සරුංගලක් යැවීමට යොදාගත් කඹයක නැඟී අඩි 30 ක් පමණ ඉහළ ගොස් සෙල්ෆි ජායාරූප ගසා ඇති බව යාපනය තරුණයින් පවසති.

අදාළ තරුණයා සරුංගල් කඹයේ නැඟි ඉහළ ගොස් ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජා මාධ්‍ය තුළ සංසරණය වෙයි.

යාපනය,වැල්වැතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ විශාල සරුංගලයක් යැවීමට යොදාගත් කඹයක නැඟී අදාළ තරුණයා ඉහළට ගොස් සෙල්ෆි ජායාරූප ගෙන ඇති බව තරුණයින් පවසති.

තරුණයින් පැවසූවේ සරුංගල් කඹයේ නැඟි ඉහළට ගිය තරුණයා නැවත බිමට බැස ගැනීමට නොහැකිව අපහසුතාවයටද පත්ව ඇති බවයි.

ජිවිත අනතුරේ දමාගෙන මෙවැනි තීරණ ගැනීම නොකළ යුතු බවද යාපනය වැඩිහිටියන් පැවසූහ.

මීට පෙර 2021 වසරේද විශාල සරුංගලයක් යැවීමට ගිය පිරිසක තරුණයෙකු ලණුවක එල්ලි අඩි 100 ක් පමණ ඉහළ ගිය සිදුවීමක්ද වාර්තා විණ.

වැල්වැටිතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ ඇතැම් සරුංගල් අඩි 30 ක් 40 ක් පමණ විශාලත්වයෙන් යුතු වන අතර, විශාල සරුංගල් යැවීමට නයිලෝන් කඹ භාවිතා කරති.

විශාල සරුංගල් යැවීමට 20 දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායම් සහභාගි වන ආකාරයක් දැක ගැනීමට හැකි වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?