සරුංගලයෙන් අහසට ගිය තරුණයා

යාපනය,තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ තරුණයෙකු විශාල සරුංගලක් යැවීමට යොදාගත් කඹයක නැඟී අඩි 30 ක් පමණ ඉහළ ගොස් සෙල්ෆි ජායාරූප ගසා ඇති බව යාපනය තරුණයින් පවසති.

අදාළ තරුණයා සරුංගල් කඹයේ නැඟි ඉහළ ගොස් ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජා මාධ්‍ය තුළ සංසරණය වෙයි.

යාපනය,වැල්වැතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ විශාල සරුංගලයක් යැවීමට යොදාගත් කඹයක නැඟී අදාළ තරුණයා ඉහළට ගොස් සෙල්ෆි ජායාරූප ගෙන ඇති බව තරුණයින් පවසති.

තරුණයින් පැවසූවේ සරුංගල් කඹයේ නැඟි ඉහළට ගිය තරුණයා නැවත බිමට බැස ගැනීමට නොහැකිව අපහසුතාවයටද පත්ව ඇති බවයි.

ජිවිත අනතුරේ දමාගෙන මෙවැනි තීරණ ගැනීම නොකළ යුතු බවද යාපනය වැඩිහිටියන් පැවසූහ.

මීට පෙර 2021 වසරේද විශාල සරුංගලයක් යැවීමට ගිය පිරිසක තරුණයෙකු ලණුවක එල්ලි අඩි 100 ක් පමණ ඉහළ ගිය සිදුවීමක්ද වාර්තා විණ.

වැල්වැටිතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ ඇතැම් සරුංගල් අඩි 30 ක් 40 ක් පමණ විශාලත්වයෙන් යුතු වන අතර, විශාල සරුංගල් යැවීමට නයිලෝන් කඹ භාවිතා කරති.

විශාල සරුංගල් යැවීමට 20 දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායම් සහභාගි වන ආකාරයක් දැක ගැනීමට හැකි වෙති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40