සරණ ගුණවර්ධනගේ නඩුවක සාක්ෂි දීමට සාක්ෂිකරුවන් තිදෙනකු නම් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (30) විභාගයට ගත් අවස්ථාවේ චූදිත විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කර තිබෙනවා.

අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂිදීමට සාක්ෂිකරුවන් තිදෙනකු නම් කළ අතර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ලබන අගෝස්තු 26 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නියම කළා.

2007 හා 2008 යන වසරවලදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා හැටියට කටයුතු කරමින් සෙනරත් හෙට්ටිආරච්චි නමැත්තියගන් බදු පදනම යටතේ වාහනයක් ලබා ගෙන ආයතනයට රුපියල් 9,60,000ක් පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම අල්ලස් නඩුව ගොනුකර තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන අවභාවිත කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පැවරූ තවත් නඩු 2ක් මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඉදිරියේ විභාග වනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා සහ නීතිඥ ගයාන් රාජසේකර යන මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40