චීන සමාගමක් මගින් අත්තනගල්ල – කරස්නාගොඩ ප්‍රදේශයේ සිදු කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබ සාධන කටයුතු සඳහා එම සමාගෙමන් ලබාදුන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (27) යළි විභාගයට ගැණුනා.
නඩුව අද කැඳ වූ අවස්ථාවේ රජයේ අධි නිතීඥ අකලංක බාලපටබැඳිගේ මහතාගේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන්නා.
සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 07 වැනිදා සිදු කිරීමට දින නියම කළ විනිසුරුවරයා එදිනට පැමිණිලේ 17 වෙනි 18 වෙනි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළා.
චීන සමාගමකින් සිදුකළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා එම සමාගෙන් වෙන් කළ රුපියල් දොලොස් කෝටි අනූ එක්දාස් පන්සීයක මුදලක් සුබසාධන කටයුතුවලට යොමු නොකර 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ ගැනෙන වරදවල් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.





