සරණ ගුණවර්ධනගේ කෝටි 12 නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 07ට කල් යයි

චීන සමාගමක් මගින් අත්තනගල්ල – කරස්නාගොඩ ප්‍රදේශයේ සිදු කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබ සාධන කටයුතු සඳහා එම සමාගෙමන් ලබාදුන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (27) යළි විභාගයට ගැණුනා.

නඩුව අද කැඳ වූ අවස්ථාවේ රජයේ අධි නිතීඥ අකලංක බාලපටබැඳිගේ මහතාගේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 07 වැනිදා සිදු කිරීමට දින නියම කළ විනිසුරුවරයා එදිනට පැමිණිලේ 17 වෙනි 18 වෙනි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළා.

චීන සමාගමකින් සිදුකළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා එම සමාගෙන් වෙන් කළ රුපියල් දොලොස් කෝටි අනූ එක්දාස් පන්සීයක මුදලක් සුබසාධන කටයුතුවලට යොමු නොකර 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ ගැනෙන වරදවල් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58