සමෘද්ධිය ඇතුළු රජයේ ආධාර සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ලබාදුන් කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව අදාළ කාලය ලබන 15 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති අතර, එම දිනය අදින් (30) අවසන්වීමට නියමිතව තිබුණා.

සමෘද්ධි දීමනාව ඇතුළු රජයේ සහනාධාර සඳහා වැඩි පිරිසකට අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීම මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා.

මේ යටතේ සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනාව, අබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ග්‍රාම නිලධාරී කාර්යාල හරහා තම අයැදුම්පත් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත යොමුකළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?