සමූපාකාරයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ජීවිත රක්ෂණාවරණයක් – ඇමති වසන්ත

සමූපාකාර වෙළෙඳසැල් තුළින් මසකට රුපියල් දස දහසකට වැඩි භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා රුපියල් ලක්ෂ තුනක ජීවිත රක්ෂණයක් ලබාදෙන බව වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එමෙන්ම සමූපාකාර සේවකයන්ට ද ජීවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඊට අමතරව සමූපකාර සේවකයින්ට තෘප්තිමත් වැටුපක් ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (07) දිනයේ පැවති ප්‍රාදේශික විසිපහේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර සමූපාකාරය තුළ මෙතෙක් කල් සිදුවූ වංචා හා දූෂණයන් පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?