සමූපකාරයේ නිලධාරිනියන් පිරිසක් හා තවත් කාන්තාවක් කෙහෙවළු පටලා ගනියි

කාන්තාවක් ගස් බැඳ, එම කාන්තාවට පහරදීමේ සිදුවීමක් හලාවත – බංගදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස පහර දී ඇත්තේ එම ප්‍රදේශයේ විවිධ සේවා සමූපකාරයේ රාජකාරී සිදු කරන පිරිසක් බවයි.

සීමාසහිත හලාවත විවිධ සේවා සමුපකාර සමිතියට අයත් බංගදෙණිය ප්‍රාදේශිකය ආසන්නයේ දී මෙම පහර දීම සිදු ව තිබෙනවා.

පහර කෑමට ලක්ව ඇත්තේ තිදරු මවක්.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක්ව ඇති කාන්තාව වසර ගණනාවක සිට බංගදෙණිය මංසන්ධියේ ඇති පෞද්ගලික ගොඩනැගිල්ලක් පිටුපස මුළුතැන් ගෙයක් සාදා ගෙන සුළු ව්‍යාපාරික කටයුත්තක් කර ගෙන ගොස් ඇති බවත්, එම ගොඩනැගිල්ල මෑතක දී හලාවත විවිධ සේවා සමුපකාර සමිතිය විසින් මිල දී ගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

පසුව සමුපකාරය විසින් ගොඩනැගිල්ල සහිත ඉඩම මිල දී ගත්ත ද ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ ව ඇති වූ කතාබහකින් පසුව හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරිය සහ තවත් සේවිකාවන් පිරිසක් එම ස්ථානයට ගොස් අදාළ කාන්තාව කණුවක බැඳ පහරදීම සිදු කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සරත් විජේසිංහ මහතාගෙන් දසත ප්‍රාදේශීය වාර්තාකරු මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ එම කාන්තාව තම සමුපකාර සමිතියට අයත් භූමියක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යන බවත්, පහරදීමක් සිදු වී නොමැති බවයි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප හලාවත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ දෙපාර්ශ්වය අතර ම පහරදීමක් හටගෙන ඇති බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ සේවා සමුපකාරයෙන් පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවයි.

නමුත් පහර කෑමට ලක් වූ කාන්තාව රෝහල්ගත කෙරුණ ද, එම පාර්ශ්වයෙන් මෙතෙක් කිසිවෙකු පැමිණිල්ලක් සිදු කර නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58