Empty Ad
AFC Banner
Empty Ad

සමූපකාරයේ නිලධාරිනියන් පිරිසක් හා තවත් කාන්තාවක් කෙහෙවළු පටලා ගනියි

කාන්තාවක් ගස් බැඳ, එම කාන්තාවට පහරදීමේ සිදුවීමක් හලාවත – බංගදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස පහර දී ඇත්තේ එම ප්‍රදේශයේ විවිධ සේවා සමූපකාරයේ රාජකාරී සිදු කරන පිරිසක් බවයි.

සීමාසහිත හලාවත විවිධ සේවා සමුපකාර සමිතියට අයත් බංගදෙණිය ප්‍රාදේශිකය ආසන්නයේ දී මෙම පහර දීම සිදු ව තිබෙනවා.

පහර කෑමට ලක්ව ඇත්තේ තිදරු මවක්.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක්ව ඇති කාන්තාව වසර ගණනාවක සිට බංගදෙණිය මංසන්ධියේ ඇති පෞද්ගලික ගොඩනැගිල්ලක් පිටුපස මුළුතැන් ගෙයක් සාදා ගෙන සුළු ව්‍යාපාරික කටයුත්තක් කර ගෙන ගොස් ඇති බවත්, එම ගොඩනැගිල්ල මෑතක දී හලාවත විවිධ සේවා සමුපකාර සමිතිය විසින් මිල දී ගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

පසුව සමුපකාරය විසින් ගොඩනැගිල්ල සහිත ඉඩම මිල දී ගත්ත ද ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ ව ඇති වූ කතාබහකින් පසුව හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරිය සහ තවත් සේවිකාවන් පිරිසක් එම ස්ථානයට ගොස් අදාළ කාන්තාව කණුවක බැඳ පහරදීම සිදු කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සරත් විජේසිංහ මහතාගෙන් දසත ප්‍රාදේශීය වාර්තාකරු මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ එම කාන්තාව තම සමුපකාර සමිතියට අයත් භූමියක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යන බවත්, පහරදීමක් සිදු වී නොමැති බවයි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප හලාවත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ දෙපාර්ශ්වය අතර ම පහරදීමක් හටගෙන ඇති බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ සේවා සමුපකාරයෙන් පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවයි.

නමුත් පහර කෑමට ලක් වූ කාන්තාව රෝහල්ගත කෙරුණ ද, එම පාර්ශ්වයෙන් මෙතෙක් කිසිවෙකු පැමිණිල්ලක් සිදු කර නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජේ.ආර් ජයවර්ධනගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන සර්වජනයට
02:31
Video thumbnail
සතියෙන් සතියෙන් ලිස්ට් විතරක් එළියට දාලා ඡන්දය දුන්නු මිනිස්සු මුලා කරන්න එපා
08:24
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
17:53
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03
Video thumbnail
මහින්දගේ පැටිකිරිය එළියට - කතරගම කිරිවෙහෙර විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
01:45
Video thumbnail
විනාඩි 11යි - දිලීත් ලෙෆ්ට් - චතුරංග සැරටම අමතයි #dilithjayaweera
11:23
Video thumbnail
BREAKING NEWS 🔴බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුවට
04:01
Video thumbnail
බිලියන 500ක් - පොඩි ගාණක් නෙවෙයි - ඇස් උඩ යන අනාවරණයක්
13:46

?