නිල ඇඳුම භාවිත කර සිදුකරන පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට ආත්මාරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ලකළ හැකිද ? යන මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අදාළ පුවත සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.
එසේම තමන් විසින් එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැවසුවේ.










