සමාජ මාධ්‍ය කැළඹු, ක්‍රිකට් ක්‍රීඩක දීපක් චහාර්ගේ ආදරය යෝජනාව පිටුපස සිටි දෝණි

ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 53 වන තරගය කඩුලු හයකින් ජයගැනීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 134 ක්.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 13 ක් තුළ කඩුලු 4 ක් පමණක් දැවි තරගය ජයග්‍රහණය කළා.

මේ අතර තරගය අවසන් වීමෙන් අනතුරු චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩක දීපක් චහාර් සිය පෙම්වතියට ආදරය ප්‍රකාශ කළා.

මේ වනවිට අදාළ සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක් ව තිබීමත් විශේෂත්වයක්.

ජෙයා භරත්වාජ් නමැති තරුණිය ඉදිරියේ දණ නමා දීපක් චහාර් යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ඇය ද එය වහා පිළිගත් බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ දී ඊට අදාළ සාදයක් ද පවත්වා ඇති බව ද සඳහන්.

මෙම ප්‍රේම යෝජනාව සිදු කරන ලෙස චහාර් දිරිමත් කර ඇත්තේ, චෙන්නායි කණ්ඩායමේ නායකයා වන දෝණි බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසන් තරගයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව හෝ විශාල ජයග්‍රහණයකින් පසුව පෙම්වතියට තම ප්‍රේමය ප්‍රකාශ කිරීමට චහාර් සූදානමින් සිට තිබෙනවා.

ප්‍රේමය ප්‍රකාශ කිරීමට කල් නොගන්නා ලෙස පවසමින්, මෙම තරගයෙන් අනතුරුව එය ප්‍රකාශ කරන ලෙස දිරිමත් කර ඇත්තේ, හිටපු ඉන්දිය ක්‍රිකට් නායක දෝණි වීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33