AFC Banner
AFC Banner
Empty Ad

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (19) දෙවන දිනයේත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ
ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්කර තිබෙන බව සඳහන් කළා.

එම පනත් කෙටුම්පත තුළ “අසත්‍ය ප්‍රකාශ” හා “තහනම් ප්‍රකාශ” යනුවෙන් වැරදි කීපයක් ඇතුළත් කර තිබුණ ද අසත්‍ය ප්‍රකාශ සහ තහනම් ප්‍රකාශය යන්න මොනවාදැයි එම කෙටුම්පත තුළ පැහැදිලිව අර්ථකථනය කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පත තුළ “හිරිහැර” හා “අලාභහානි” යනුවෙන් ද වචන දෙකක් සඳහන් කර තිබුණ ද ඒවා ද නිසි පරිදි අර්ථකථනය කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

මෙම තීරණාත්මක වචන පනත් කෙටුම්පත තුළින් නිසියාකාරව අර්ථකථනය කර නොමැතිවීම හේතුවෙන් ඒවා වැරදි ලෙස අවභාවිතයට ලක් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා පෙන්වා දුන්නා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ සිතීමේ නිදහස් පාලනය කිරීමට රජයකට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

සිතීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පිළිගෙන තිබෙන බව සඳහන් කළ නීතිඥවරයා මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන බහුතරයක් තුළින් එම අයිතිවාසිකම භුක්ති විඳීමට බාධා පමුණුවා ඇති බවත් සඳහන් කර සිටියා.

රජයට එරෙහිව සටන් වදින පුද්ගලයින් දඩයම් කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පතේ 14 වගන්තිය හදුන්වා දී තිබෙන බවත් නීතිඥවරයා පැවසුවා.

තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පනත් කෙටුම්පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසමට අතිශය භයානක බලතල පවරා දී තිබෙන බවත් සඳහන් කළා.

අධිකරණ බලය ද අදාළ කොමිසම වෙත අත්පත් කරදීමට මෙම පනත් කෙටුම්පත හරහා කටයුතු කර ඇතැයි චෝදනා කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු යෝජිත කොමිසමේ නියෝගවලට අවනත නොවන පුද්ගලයින්ට පැය 24ක් තුළ අවුරුදු 05ක් දක්වා සිර දඬුවම් ලබාදීමට හැකියාව තිබෙන බවත් අනතුරු අඟවා සිටියා.

මෙම පනත් කෙටුම්පත හරහා මහේස්ත්‍රාත් අධිකරණයට ද අතිශය භයානක බලතල ලබාදී තිබෙන බවත් ඒ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා පැවසුවා.

මෙම කෙටුම්පත තුළින් බලධාරීන් අනුමත කරනු ලබන අදහස් පමණක් සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට අවකාශ සැලසෙන අතර, ඒ තුළින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් නීතිඥවරයා කියාසිටියා.

ඒ, අනුව මුලු පනත් කෙටුම්පත තුළින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉතා බරපතළ ලෙස උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

වැඩිදුර පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50ක් පමණ ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?