සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (19) දෙවන දිනයේත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ
ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්කර තිබෙන බව සඳහන් කළා.

එම පනත් කෙටුම්පත තුළ “අසත්‍ය ප්‍රකාශ” හා “තහනම් ප්‍රකාශ” යනුවෙන් වැරදි කීපයක් ඇතුළත් කර තිබුණ ද අසත්‍ය ප්‍රකාශ සහ තහනම් ප්‍රකාශය යන්න මොනවාදැයි එම කෙටුම්පත තුළ පැහැදිලිව අර්ථකථනය කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පත තුළ “හිරිහැර” හා “අලාභහානි” යනුවෙන් ද වචන දෙකක් සඳහන් කර තිබුණ ද ඒවා ද නිසි පරිදි අර්ථකථනය කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

මෙම තීරණාත්මක වචන පනත් කෙටුම්පත තුළින් නිසියාකාරව අර්ථකථනය කර නොමැතිවීම හේතුවෙන් ඒවා වැරදි ලෙස අවභාවිතයට ලක් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා පෙන්වා දුන්නා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ සිතීමේ නිදහස් පාලනය කිරීමට රජයකට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

සිතීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පිළිගෙන තිබෙන බව සඳහන් කළ නීතිඥවරයා මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන බහුතරයක් තුළින් එම අයිතිවාසිකම භුක්ති විඳීමට බාධා පමුණුවා ඇති බවත් සඳහන් කර සිටියා.

රජයට එරෙහිව සටන් වදින පුද්ගලයින් දඩයම් කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පතේ 14 වගන්තිය හදුන්වා දී තිබෙන බවත් නීතිඥවරයා පැවසුවා.

තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පනත් කෙටුම්පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසමට අතිශය භයානක බලතල පවරා දී තිබෙන බවත් සඳහන් කළා.

අධිකරණ බලය ද අදාළ කොමිසම වෙත අත්පත් කරදීමට මෙම පනත් කෙටුම්පත හරහා කටයුතු කර ඇතැයි චෝදනා කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු යෝජිත කොමිසමේ නියෝගවලට අවනත නොවන පුද්ගලයින්ට පැය 24ක් තුළ අවුරුදු 05ක් දක්වා සිර දඬුවම් ලබාදීමට හැකියාව තිබෙන බවත් අනතුරු අඟවා සිටියා.

මෙම පනත් කෙටුම්පත හරහා මහේස්ත්‍රාත් අධිකරණයට ද අතිශය භයානක බලතල ලබාදී තිබෙන බවත් ඒ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා පැවසුවා.

මෙම කෙටුම්පත තුළින් බලධාරීන් අනුමත කරනු ලබන අදහස් පමණක් සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට අවකාශ සැලසෙන අතර, ඒ තුළින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් නීතිඥවරයා කියාසිටියා.

ඒ, අනුව මුලු පනත් කෙටුම්පත තුළින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉතා බරපතළ ලෙස උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

වැඩිදුර පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50ක් පමණ ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32