සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව වාරණ නියෝගයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කළා.

අදාල අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසිනුයි මෙම වාරණ නියෝග නිකුත් කරනු ලැබුවේ.

අදාළ වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය සඳහන් කළා.

මේ දිනවල දැඩි මතභේදයට තුඩු දී තිබෙන එස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු “එස්.එල් දේශය” නැමැති යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම ද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබෙනවා.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවෙර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් යූටියුබ් නාලිකාවට උඩුගත කර ඇති බවයි.

ඒ තුළින් සිය සේවාදායකයින් ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22