AFC Banner
AFC Banner
Empty Ad

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ගැන CID පරීක්ෂණයක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවෙකු විසින් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නීතිමය කටයුත්තකට අදාළව සැකකරු මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් ප්ලේට් මගින් මෙරට සමුද්‍ර කලාපයට සිදු වූ පරිසර හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ කාර්යයට උපදෙස් ලබාදීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු හා රජයේ අධි නීතිඥවරියක් විසින් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා කටයුතු කර ඇති බවට පවසමින් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා විසින් වීඩියෝවක් ප්‍රකාශයට පත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ ඉහත නිලධාරීන් සම්බන්ධයෙන් මහජනයා තුළ යම් වෛරී හැගීමක් ඇවිස්සෙන සහ රජයේ සේවකයෙකු වශයෙන් කරනු ලබන නිත්‍යානුකූල නියමයන්ට බාධා වන ආකාරයට අසත්‍ය ප්‍රකාශ සමාජ ජාලා ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සහ නිලධාරිනිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුවයි එම දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?