සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ගැන CID පරීක්ෂණයක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවෙකු විසින් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නීතිමය කටයුත්තකට අදාළව සැකකරු මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් ප්ලේට් මගින් මෙරට සමුද්‍ර කලාපයට සිදු වූ පරිසර හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ කාර්යයට උපදෙස් ලබාදීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු හා රජයේ අධි නීතිඥවරියක් විසින් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා කටයුතු කර ඇති බවට පවසමින් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා විසින් වීඩියෝවක් ප්‍රකාශයට පත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ ඉහත නිලධාරීන් සම්බන්ධයෙන් මහජනයා තුළ යම් වෛරී හැගීමක් ඇවිස්සෙන සහ රජයේ සේවකයෙකු වශයෙන් කරනු ලබන නිත්‍යානුකූල නියමයන්ට බාධා වන ආකාරයට අසත්‍ය ප්‍රකාශ සමාජ ජාලා ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සහ නිලධාරිනිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුවයි එම දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26