Empty Ad
Empty Ad
 Empty Ad

සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුගේ සැලසුම අතේ පත්තු වෙයි

රූමත් සම්භාහන සේවිකාවකගේ නවාතැන්පොලට ඇතුළු වී තියුණු ආයුධයක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර මෙම තරුණිය සේවය කරන සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු ද වන අතර ඔහු මෙම සොරකම සැලසුම් කළ පුද්ගලයා බවටයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හෙළි කරගෙන ඇත්තේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා බස් කොන්දොස්තරවරයෙක් සහ පෙදරේරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයන් කොල්ල කන ලද භාණ්ඩ උණු කර තිබී ඇති අතර එම රන් ගෑම් 24ක්, ජංගම දුරකථන තුනක්, උල් පිහියක්,  මුදලින් රුපියල් 35,000ක්, සැකකරුවන් එම අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සහ පාවහන් මෙන්ම නවාතැන්පොළේ දොර විවෘත කිරිමට යොදා ගත් ව්‍යාජ යතුර ද පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මස 17 වෙනි දින සේවිකාව සම්භාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේම තෙවන මහලේ නවාතැනේ රැඳී සිටියදී  සැකකරුවන් දෙදෙනා පැමිණ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් ඇතුළු වී  උල් පිහියක් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ලිංගික අතවර කර ඇතැයි සඳහන්.

පසුව ඇය පැළඳ සිටි සහ බෑගයේ දමා තිබූ රුපියල් 650,000 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා අත් බෑගයේ තිබූ රුපියල් 45000ක මුදලක් ද කොල්ලකා පළා ගොස් තිබුණා.

කොල්ලකෑම සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශන ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට යොමු කිරීමෙන් අනතුරුව  CCTV දර්ශන සහ අනෙකුත් සාක්ෂි පදනම් කරගෙන සැලසුම්කරු වන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු ගල්කිස්ස රථගාලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ සේවිකාව පවුම් 10ක පමණ මාලයක් පැළඳ ගෙන සිටි අතර එය කොල්ලකෑම සඳහා තමන් සැලසුම් කළ බවයි.

ඒ සඳහා නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 150,000 බැගින් ලබාදෙන බව පවසා කොළඹට ගෙන්වා කොල්ලයට සියලු පහසුකම් සැලසූ බව ප්‍රධාන සැකකරු අනාවරණය කර තිබෙනවා.

එම පුද්ගලයන් දෙදෙනා නුවර සිට දුම්රියෙන් ගල්කිස්සට පැමිණීමෙන් අනතුරුව සේවිකාව නවාතැන් ගෙන සිටින ගොඩනැගිල්ල පෙන්වා ඇයගේ කාමරයේ දොර විවෘත කිරීම සඳහා අමතර යතුරක් මෙන්ම උල් පිහියක් ද ඔවුනට ලබා දුන් බවයි සැකකරු තවදුරටත් අනාවරණය කර ඇත්තේ.

කොල්ලය කිරීමෙන් අනතුරුව තමන් ලබා ලබාදුන් උපදෙස් මත එම පුද්ගලයන් දෙදෙනා කළුතරට ගොස් තමන්ට ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව තමන් ද කළුතරට ගොස් ඔවුන් හමුවී කොල්ල කෑ රන් භාණ්ඩ රැගෙන උකස් තබා එම පුද්ගලයන්ට පොරොන්දු මුදල් ලබාදුන් බව සම්භාහන මධ්‍යස්ථාන හිමිකරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

සේවිකාව පැළඳ ගෙන සිටි විශාලත්වයෙන් යුතු මාලය රන් මාලයක් නොවන බවට එය කොල්ලකෑ සැකකරුවන්ට අනාවරණය වීමෙන් අනතුරුව එය එම ස්ථානයේ අත්හැර දමා පැමිණ ඇතැයි සඳහන්.

කොල්ලකෑමේ සැලසුම්කරු වන සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු ලවා දුරකථන ඇමතුමක් ලබාදී සැකකරුවන් දෙදෙනා මහනුවර දුම්රිය ස්ථානය අසලට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව පාර්ලිමේන්තුව අද සිට වැඩ අරඹයි
01:06
Video thumbnail
ආණ්ඩුව තීන්දුවක් ගනී.. නලින්දගෙන් විශේෂ ප්‍රකාශයක්
10:43
Video thumbnail
දිනකට විනාඩි 30ක් තමන් වෙනුවෙන් වෙලාව වෙන්කරගෙන බලන්න
04:00
Video thumbnail
කචල් සජබයේ ජාතික ලැයිස්තු අර්බුදයේ ඔඩු දුවයි - "ඉල්ලුම වැඩී සැපයුම ටිකයි තියෙන්නේ "
07:52
Video thumbnail
රණසිංහ ප්‍රේමදාස හිටියනම් මැද කොළඹ පරාජය කොහොම දරාගනී ද? - සජිත් කොරවුණ ප්‍රශ්නය
18:41
Video thumbnail
මම ඇරෙන්න කවුද ඉතිං සුදුසු ? - හිරුණිකා එළියට ඇවිල්ලා කළ විශේෂ ප්‍රකාශය
04:09
Video thumbnail
CIDයෙන් එළියට ආපු රංගා සියල්ල වමාරයි - රිශාඩ්ගේ කැත වැඩ ප්‍රසිද්ධියේ කියයි
04:47
Video thumbnail
පරාජයේ විළි ලැජ්ජව වහගන්න දැන් රවී කරුණානායකව ගෙනල්ලා.
09:03
Video thumbnail
මුළු ලංකාවම සුනාමියකට අහුවුණා - සජබ හාම්පුත්තු බයෙන් කියන කතා
02:02
Video thumbnail
මරික්කාර් මාධ්‍ය මගහැර දුවයි - අනේ අනේ වෙච්ච දෙයක්
02:13

?