සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුගේ සැලසුම අතේ පත්තු වෙයි

රූමත් සම්භාහන සේවිකාවකගේ නවාතැන්පොලට ඇතුළු වී තියුණු ආයුධයක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර මෙම තරුණිය සේවය කරන සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු ද වන අතර ඔහු මෙම සොරකම සැලසුම් කළ පුද්ගලයා බවටයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හෙළි කරගෙන ඇත්තේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා බස් කොන්දොස්තරවරයෙක් සහ පෙදරේරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයන් කොල්ල කන ලද භාණ්ඩ උණු කර තිබී ඇති අතර එම රන් ගෑම් 24ක්, ජංගම දුරකථන තුනක්, උල් පිහියක්,  මුදලින් රුපියල් 35,000ක්, සැකකරුවන් එම අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සහ පාවහන් මෙන්ම නවාතැන්පොළේ දොර විවෘත කිරිමට යොදා ගත් ව්‍යාජ යතුර ද පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මස 17 වෙනි දින සේවිකාව සම්භාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේම තෙවන මහලේ නවාතැනේ රැඳී සිටියදී  සැකකරුවන් දෙදෙනා පැමිණ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් ඇතුළු වී  උල් පිහියක් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ලිංගික අතවර කර ඇතැයි සඳහන්.

පසුව ඇය පැළඳ සිටි සහ බෑගයේ දමා තිබූ රුපියල් 650,000 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා අත් බෑගයේ තිබූ රුපියල් 45000ක මුදලක් ද කොල්ලකා පළා ගොස් තිබුණා.

කොල්ලකෑම සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශන ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට යොමු කිරීමෙන් අනතුරුව  CCTV දර්ශන සහ අනෙකුත් සාක්ෂි පදනම් කරගෙන සැලසුම්කරු වන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු ගල්කිස්ස රථගාලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ සේවිකාව පවුම් 10ක පමණ මාලයක් පැළඳ ගෙන සිටි අතර එය කොල්ලකෑම සඳහා තමන් සැලසුම් කළ බවයි.

ඒ සඳහා නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 150,000 බැගින් ලබාදෙන බව පවසා කොළඹට ගෙන්වා කොල්ලයට සියලු පහසුකම් සැලසූ බව ප්‍රධාන සැකකරු අනාවරණය කර තිබෙනවා.

එම පුද්ගලයන් දෙදෙනා නුවර සිට දුම්රියෙන් ගල්කිස්සට පැමිණීමෙන් අනතුරුව සේවිකාව නවාතැන් ගෙන සිටින ගොඩනැගිල්ල පෙන්වා ඇයගේ කාමරයේ දොර විවෘත කිරීම සඳහා අමතර යතුරක් මෙන්ම උල් පිහියක් ද ඔවුනට ලබා දුන් බවයි සැකකරු තවදුරටත් අනාවරණය කර ඇත්තේ.

කොල්ලය කිරීමෙන් අනතුරුව තමන් ලබා ලබාදුන් උපදෙස් මත එම පුද්ගලයන් දෙදෙනා කළුතරට ගොස් තමන්ට ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව තමන් ද කළුතරට ගොස් ඔවුන් හමුවී කොල්ල කෑ රන් භාණ්ඩ රැගෙන උකස් තබා එම පුද්ගලයන්ට පොරොන්දු මුදල් ලබාදුන් බව සම්භාහන මධ්‍යස්ථාන හිමිකරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

සේවිකාව පැළඳ ගෙන සිටි විශාලත්වයෙන් යුතු මාලය රන් මාලයක් නොවන බවට එය කොල්ලකෑ සැකකරුවන්ට අනාවරණය වීමෙන් අනතුරුව එය එම ස්ථානයේ අත්හැර දමා පැමිණ ඇතැයි සඳහන්.

කොල්ලකෑමේ සැලසුම්කරු වන සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු ලවා දුරකථන ඇමතුමක් ලබාදී සැකකරුවන් දෙදෙනා මහනුවර දුම්රිය ස්ථානය අසලට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56