සම්බාහන මධ්‍යස්ථානයකට ගිහින් අයුතු යෝජනාවකට ආ එස්.අයිලා තුනකගේ වැඩ තහනම්

මාතර, වල්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයකට ගොස් එහි කළමනාකාරණයට අයුතු යෝජනා කරමින් අශෝභන ආකාරයෙන් කතා කර එහි සේවය ලබාගැනීමට උත්සාහ කළ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසනවා.
.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මාවරල, තිහගොඩ, සහ මාතර යන පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක්.

පසුගිය 16 දින මොවුන් තිදෙනා අදාළ සම්භාහන මධ්‍යස්ථානය වෙත ගොස් මෙම යෝජනාව සිදුකර එහි සේවය ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ක්‍රියාව හේතුවෙන් පොලිස් සේවයේ හොඳ නමට කැළලක් ඇති විය හැකි අන්දමින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු වශයෙන් තම චරිතයේ සහ තත්ත්වය අනිසි අන්දමින් තම පුද්ගලික ප්‍රයෝජන සඳහා යොදා ගැනීම, යන කරුණු ඔස්සේ විමර්ශනයක් සිදුකර මාතර සහකාර පොලිස් අධිකාරි (1) විසින් මෙම වැඩ තහනම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
130
+1
3
+1
3
+1
5
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?