සම්බාහනයට කියා ගෙන්නගෙන පිරිමින්ට විදෙස් කතුන් විකුණලා

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කතුන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ වැල්ලවත, දුම්රියපොළ පාර ප්‍රදේශයේ දී මෙම ගණිකා මධ්‍යස්ථානය වටලා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ගණිකා සේවයේ නිරත වූ විදෙස් ජාතික කාන්තාවන් හයදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් වයස අවුරුදු 30ත් 40ත් අතර වයස්වල පසුවන්නියන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
13
+1
3
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?