spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සම්පූර්ණ වගකීම මමයි කණ්ඩායමයි භාරගන්නවා – වනිඳු

ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් නායකයෙක් සහ ක්‍රීඩකයෙකු වශයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමඟ අද (17) තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වනිඳු මේ බව සඳහන් කළා.

දක්ෂ පන්දු යවන්නන් කණ්ඩායම තුළ සිටියත් පිතිකරුවන්ගේ පැවති දුර්වලතා හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් කලින්ම ඉවත්වීමට සිදුවූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කලක සිට පවතින අඩුපාඩු තවමත් හදාගැනීමට කටයුතු කර නොමැති බව ද වනිඳු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා.

වනිඳු හසරංග මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වටා සිටින ප්‍රේක්ෂකයින් තරහා කරවීමේ අරමුණින් එක්තරා පිරිසක් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් තරග ජයග්‍රහණය කළත් පරාජය වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම වටා ප්‍රේක්ෂකයින් රැඳී සිටින බව ද ඔහු පැවසුවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ලද මෙම අවමන් සහගත පරාජයේ වගකීම තමන් ඇතුළු කණ්ඩායම භාරගන්නා බවයි වනිඳු මෙහිදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
8
+1
108
+1
2
+1
11
+1
3
+1
53
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?