සම්පත් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අධිකරණයට භාර වූ සැකකාර සම්පත් මනම්පේරි ලබන සැප්තැම්බර් 24 දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය කොළඹ මධ්‍යම කොට්ඨාසය වෙත අද (17) අවසර ලබා දී තිබෙනවා.

මොහු මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් වළදමා තිබිය දී සොයාගත් සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වනවා.

මොහු මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් වළදමා තිබිය දී සොයාගත් සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වනවා.

සැඟව සිටි මොහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ද ආරම්භ කර තිබූ අතර, ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වනදා අභියාචනාධිකරණය දැනුම් දුන්නේ තම සේවාදායකයා වන සම්පත් මනම්පේරි අධිකරණය භාරවීමට සූදානම් බවයි.

එලෙස අධිකරණයට භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියම කළා.

ඒ, අනුවයි සැකකාර සම්පත් මනම්පේරි අද (17) දිනයේ වලස්මුල්ල අධිකරණය වෙත පැමිණ භාර වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?