සම්පත් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අධිකරණයට භාර වූ සැකකාර සම්පත් මනම්පේරි ලබන සැප්තැම්බර් 24 දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය කොළඹ මධ්‍යම කොට්ඨාසය වෙත අද (17) අවසර ලබා දී තිබෙනවා.

මොහු මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් වළදමා තිබිය දී සොයාගත් සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වනවා.

මොහු මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් වළදමා තිබිය දී සොයාගත් සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වනවා.

සැඟව සිටි මොහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ද ආරම්භ කර තිබූ අතර, ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වනදා අභියාචනාධිකරණය දැනුම් දුන්නේ තම සේවාදායකයා වන සම්පත් මනම්පේරි අධිකරණය භාරවීමට සූදානම් බවයි.

එලෙස අධිකරණයට භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියම කළා.

ඒ, අනුවයි සැකකාර සම්පත් මනම්පේරි අද (17) දිනයේ වලස්මුල්ල අධිකරණය වෙත පැමිණ භාර වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42