සමහරක් වෙලාවට කතා නොකර ඉන්න එක හොඳයි : ලිට්‍රෝ සමාගමේ සභාපති

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇති ගෑස් අනතුරු සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම නිරීක්ෂණය කර ඇති බව එහි සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

“සමහරක් වෙලාවට කතා නොකර ඉන්න එක හොඳයි. අමෙරිකානු ප්‍රහාරය වෙලාවේ එක මළසිරුරක්වත් පෙන්නුවේ නෑ. අපි එකට සෙට් වුණාම කියනවා ඒක තමයි විදිහ කියලා. හැබැයි අපි එහෙම කරන්නේ නෑ. ඒක අපේ රටේ විදිහ.”

“ගෑස් අනතුරු ගැන අපේ සමාගමට චෝදනාවක් ආවට..මරණයක් වෙන්න ඕනේ නෑ. යම් සිද්ධියකදී අපේ කණ්ඩායමක් එතනට යනවා. මං ඒ අයට කියලා තියෙනවා මට පොඩි වීඩියෝ එකක් එවන්න කියලා. එතකොට මම දැනුවත් වෙනවා මොකක්ද වුණේ කියලා.”

“ඔය මරණය වෙච්ච ගෙදරටත් අපේ කණ්ඩායමක් ගියා. එතකොට අවාසනාවන්ත සිද්ධිය සිදුවෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ ඔය කියන ගෙදර ගෑස් සිලින්ඩරයයි ලිපයි සම්බන්ධ කරලා තිබුණේ යකඩවලින් සකස්කරපු බටයකින්. මං ගාව ඒකට වීඩියෝ එකක් තියෙනවා.”

“ඒ නිසා මේ අනතුරුවලට අපිව එල්ලන්න ඕනේ කියලා කිව්වට මං කවදාවත් ඒවට උත්තර දෙන්න ගියේ නෑ. නමුත් එල්ලන්න ඕනේ නම් එල්ලන්න ඕන දේවල් කරන්න”

“අද වෙනකම් මේ ගෑස් ආශ්‍රිත සිද්ධි ජනමාධ්‍ය තුළින් වාර්තා වුණාට එහෙම ගෑස්වල තිබ්බ ප්‍රශ්නයක් නිසා මියගියා කියලා අද වෙනකම් වාර්තා වෙලා නෑ.”

“ජනතාවට බයක් තියෙනවානම් මම රක්ෂණාවරණයක් අරගෙන තියෙනවා සභාපතිවරයා විදිහට.. ලක්ෂ 10ක් දක්වා ආවරණයක් ඒ හැම ගෑස් සිලින්ඩරයකටම ලැබෙනවා. ගෑස්වල සංයුතියේ හෝ සමාගම පැත්තෙන් වෙච්ච අතපසුවීමක් නිසා පාරිභෝගිකයාට අගතියක් වුණා නම් ඒ රක්ෂණාවරණය ලැබෙනවා.”

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක්වෙමින්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?