සමහරක් වෙලාවට කතා නොකර ඉන්න එක හොඳයි : ලිට්‍රෝ සමාගමේ සභාපති

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇති ගෑස් අනතුරු සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම නිරීක්ෂණය කර ඇති බව එහි සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

“සමහරක් වෙලාවට කතා නොකර ඉන්න එක හොඳයි. අමෙරිකානු ප්‍රහාරය වෙලාවේ එක මළසිරුරක්වත් පෙන්නුවේ නෑ. අපි එකට සෙට් වුණාම කියනවා ඒක තමයි විදිහ කියලා. හැබැයි අපි එහෙම කරන්නේ නෑ. ඒක අපේ රටේ විදිහ.”

“ගෑස් අනතුරු ගැන අපේ සමාගමට චෝදනාවක් ආවට..මරණයක් වෙන්න ඕනේ නෑ. යම් සිද්ධියකදී අපේ කණ්ඩායමක් එතනට යනවා. මං ඒ අයට කියලා තියෙනවා මට පොඩි වීඩියෝ එකක් එවන්න කියලා. එතකොට මම දැනුවත් වෙනවා මොකක්ද වුණේ කියලා.”

“ඔය මරණය වෙච්ච ගෙදරටත් අපේ කණ්ඩායමක් ගියා. එතකොට අවාසනාවන්ත සිද්ධිය සිදුවෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ ඔය කියන ගෙදර ගෑස් සිලින්ඩරයයි ලිපයි සම්බන්ධ කරලා තිබුණේ යකඩවලින් සකස්කරපු බටයකින්. මං ගාව ඒකට වීඩියෝ එකක් තියෙනවා.”

“ඒ නිසා මේ අනතුරුවලට අපිව එල්ලන්න ඕනේ කියලා කිව්වට මං කවදාවත් ඒවට උත්තර දෙන්න ගියේ නෑ. නමුත් එල්ලන්න ඕනේ නම් එල්ලන්න ඕන දේවල් කරන්න”

“අද වෙනකම් මේ ගෑස් ආශ්‍රිත සිද්ධි ජනමාධ්‍ය තුළින් වාර්තා වුණාට එහෙම ගෑස්වල තිබ්බ ප්‍රශ්නයක් නිසා මියගියා කියලා අද වෙනකම් වාර්තා වෙලා නෑ.”

“ජනතාවට බයක් තියෙනවානම් මම රක්ෂණාවරණයක් අරගෙන තියෙනවා සභාපතිවරයා විදිහට.. ලක්ෂ 10ක් දක්වා ආවරණයක් ඒ හැම ගෑස් සිලින්ඩරයකටම ලැබෙනවා. ගෑස්වල සංයුතියේ හෝ සමාගම පැත්තෙන් වෙච්ච අතපසුවීමක් නිසා පාරිභෝගිකයාට අගතියක් වුණා නම් ඒ රක්ෂණාවරණය ලැබෙනවා.”

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක්වෙමින්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51