Empty Ad
AFC Banner
Empty Ad

සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසට ජනපති IMF වෙතින් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු ව තිබෙනවා.

පෙරේදා (19) දිනයේ දී මෙම හමුව සිදු ව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දීයි.

රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී දැනුම්දුන් බවයි සඳහන් කළේ.

IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බවත්; ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බවත් ජනාධිපතිවරයා මෙහිදී ජ්‍යේෂ්ඨ නියෝජිත දූත මණ්ඩලයට සඳහන් කර තිබෙනවා.

ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවීමෙන් කටයුතු කරන බවත් පුරවැසියන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව ද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

ළමා දරිද්‍රතාව සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදි අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ.

පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ද මෙහි දී MF කණ්ඩායම විසින් ජනාධිපතිවරයා ව දැනුම්වත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈ සමන්තයෝ එදා උඹ මොනාද කිව්වේ - සීලරතන හිමි සැරටම කියපු කතාව
Video thumbnail
LIVE🔴ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව සජීවීව
00:00
Video thumbnail
සමන්ට රතු කට්ට පනී - ආණ්ඩුවේ කෙඳිරිල්ලට දෙසයි
17:47
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
21:34
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
<p>?</p>