සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරාගැනීමේ නිලවරණයට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණය විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලයේ පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇති වන හෙයින් මහජන සුබසාධනය සැලකිල්ලට ගෙන අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නා.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වූ නිලවරණය පැවැත්වීමට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ එම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ මහතා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05