සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න අත්අඩංගුවට

සෞඛ්‍ය නීති රීති කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් බෝගහකුඹුර පොලීසිය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම ජුලි 01 වනදා බෝගහකුඹුර පොලිස් වසමේ බොරලන්න නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට අදාළව සිදුකර ඇත.

සැකකරුවන් අද වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !