රටේ නායකයෝ බුදුදහම අප රටට ලැබූ මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළ නමුත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ඒ ගැටලුවට තාවකාලිකව විසඳුමක් සමගි ජන බලවේගයට ලබා දීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ සාසනයට විශේෂ පිළිගැනීමක් ලබා දී ඇතත් එය කොතෙකුත් දුරට මහපොළොවේ යථාර්ථයක් වී ඇත් ද යන්න සිතා බැලිය යුතු වුවත් සමගි ජන බලවේගය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය උදෙසා කැපවූ දේශපාලන බලවේගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) කළුතර පැවැති විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව අමතමිනි.
අප රට තුළ විහාරස්ථාන 14108ක් ඇති බවත් විහාරස්ථාන 10347ක දහම් පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වන බවත් එසේම පිරිවෙන් 824ක් ඇති බවත් සමගි ජන බලවේගය විහාරස්ථානය, දහම් පාසල හා පිරිවෙන කේන්ද්‍ර කර ගෙන වැවයි දාගැබයි ගමන් පන්සලයි සංකල්පය තුළ සමාජ, ආගමික සංවර්ධන, විනීත යුක්තිගරුක ශිෂ්ඨසම්පන්න, ප්‍රබුද්ධ හා සෞභාග්‍ය සම්පන්න පුරවැසි පරපුරක් බිහි කරමින් රටේ ප්‍රගතියේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස විහාරස්ථාන පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කිරීමේ ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




