සමගි ජන බලවේගය කියන්නේ සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කැපවූ පක්ෂයක්

රටේ නායකයෝ  බුදුදහම අප රටට ලැබූ මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළ නමුත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ඒ ගැටලුවට තාවකාලිකව විසඳුමක් සමගි ජන බලවේගයට ලබා දීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ සාසනයට විශේෂ පිළිගැනීමක් ලබා දී ඇතත් එය කොතෙකුත් දුරට මහපොළොවේ යථාර්ථයක් වී ඇත් ද යන්න සිතා බැලිය යුතු වුවත් සමගි ජන බලවේගය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය උදෙසා කැපවූ දේශපාලන බලවේගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) කළුතර පැවැති විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව අමතමිනි.

අප රට තුළ විහාරස්ථාන 14108ක් ඇති බවත් විහාරස්ථාන 10347ක දහම් පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වන බවත් එසේම පිරිවෙන් 824ක් ඇති බවත් සමගි ජන බලවේගය විහාරස්ථානය, දහම් පාසල හා පිරිවෙන කේන්ද්‍ර කර ගෙන වැවයි දාගැබයි ගමන් පන්සලයි සංකල්පය තුළ සමාජ, ආගමික සංවර්ධන, විනීත යුක්තිගරුක ශිෂ්ඨසම්පන්න, ප්‍රබුද්ධ හා සෞභාග්‍ය සම්පන්න පුරවැසි පරපුරක් බිහි කරමින් රටේ ප්‍රගතියේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස විහාරස්ථාන පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කිරීමේ ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38