සභාපතිවරයෙක් අත්අඩංගුවේ..

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාව (ලංකා කම්කරු කොන්ග්‍රසය)  පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත (30) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන සුප්පයියා කමලදාසන් නැමති අයට (29) දින පහර දි තුවාල සිදු කර බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බවත්, පහර දිමට ලක් වුවේ යැයි කියන පලනි දිගම්බරම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මේ වන විට දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් මොරා වත්තේ පිහිටි 319 ජි ග්‍රාමසේවා කාර්යයාලයට ග්‍රාමසේවා කාර්යාලයේ සේවාවක් ලබා ගැනිමට සදහා තමන් ගිය අවස්තාවේ ග්‍රාමසේවා කාර්යයාලය අසලට පැමිණි සභාපතිවරයා  තමන්ට බැන තර්ජනය කරමින් ග්‍රාමසේවා කාර්යයාලය අසලදි පහර දුන් බවයි පහර දිමට ලක් වුවේ යැයි කියන දැනට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සුප්පයියා කමලදාසන් මහතා කියා සිටියේ.

දිගම්බරම් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් බගවන්තලාව කර්කස්වොල් වත්තේ වතු කම්කරුවන් පිරිසක් එම වතු යායේදි (30) දින උදැසන සිට සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා තෙක්ම උද්ඝෝෂනයක නිරතව සිටිහ.

අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09