සබරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට තැලූ සින්නෝ අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි සමනලවැව පොලිසිය සඳහන් කළේ.

පසුගිය 09 වනදා රාත්‍රියේ විශ්වවිද්‍යාල භූමියේ දී මෙම පහරදීම සිදුකර ඇති අතර, එහිදී තුවාල ලැබූ සිසුවිය සහ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහන් පඔහින්න රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව සිසුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට මාරුකර යවා තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

දෙවන වසරේ සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පීඨයේ ආපනශාලාවේ රාත්‍රි ආහාර ලබාගනිමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණ එහි විදුලිය විසන්ධිකර මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී පසුව අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුන් අද (12) දිනයේ දී බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?