සබරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට තැලූ සින්නෝ අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි සමනලවැව පොලිසිය සඳහන් කළේ.

පසුගිය 09 වනදා රාත්‍රියේ විශ්වවිද්‍යාල භූමියේ දී මෙම පහරදීම සිදුකර ඇති අතර, එහිදී තුවාල ලැබූ සිසුවිය සහ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහන් පඔහින්න රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව සිසුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට මාරුකර යවා තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

දෙවන වසරේ සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පීඨයේ ආපනශාලාවේ රාත්‍රි ආහාර ලබාගනිමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණ එහි විදුලිය විසන්ධිකර මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී පසුව අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුන් අද (12) දිනයේ දී බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21