AFC Banner
Empty Ad
Empty Ad

සපුගස්කන්ද හෙට සිට යළි වැඩ අරඹයි – තෙල් තොග ගැනත් ඇමතිගෙන් අනාවරණයක්

බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි හෙට දිනයේ සිට ඇරඹීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

සිය නිල ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන්කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාර්තු 20 වනදායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ඇරඹෙන බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඊයේ (26) දිනය වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති ඉන්ධන සංචිත පිළිබඳව ද අමාත්‍යවරයා එම ටිවිටර් පණිවුඩය ඔස්සේ දන්වා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 39,968ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,112ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 23,022ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2,588ක් මේ වනවිට සංචිතයේ ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?