සපුගස්කන්ද හෙට සිට යළි වැඩ අරඹයි – තෙල් තොග ගැනත් ඇමතිගෙන් අනාවරණයක්

බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි හෙට දිනයේ සිට ඇරඹීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

සිය නිල ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන්කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාර්තු 20 වනදායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ඇරඹෙන බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඊයේ (26) දිනය වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති ඉන්ධන සංචිත පිළිබඳව ද අමාත්‍යවරයා එම ටිවිටර් පණිවුඩය ඔස්සේ දන්වා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 39,968ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,112ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 23,022ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2,588ක් මේ වනවිට සංචිතයේ ඇති බවයි එහි දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36