AFC Banner
Empty Ad
Empty Ad

සඳහිරු සෑය ගැන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සඳහිරු සෑය ඉදිකිරීම සදහා අවශ්‍ය භූමිය තමන්ට කියා අනුමත කර ගත්තේ බලහත්කාරයෙන් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් මෙම ස්ථානයේ ස්ථූපයක් නිර්මාණය නොකරන ලෙස ඉල්ලා සිටි බවයි. 

යු ට්‌යුබ් සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෙනරත් දිසානායක මේ බව අනාවරණය කරනවා. 

එමෙන්ම අවශ්‍ය නම් තමන් මීට වඩා කුඩා ස්ථූපයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටි බවයි ඔහු පවසන්නේ.

ඒ සදහා වියදම් කළ මුදල අපරාධයක් බව කී ඒ මහතා එම මුදල් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වියදම් කළේ නම් හොද බවයි පවසන්නේ. 

එමෙන්ම තමන්ට රාජ්‍ය සේවය එපා වුණු බව කී සෙනරත් දිසානායක විදුර වික්‍රමනායකගේ බලපෑම් ඒ සදහා හේතු වුණු බවද සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?