සඳමාලිට පහරදීමට එරෙහිව කොළඹ මහ නගර සභාව ඉදිරිපිට විරෝධතාවක්

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් මේ වනවිට (18) සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක් ව උද්ඝෝෂණයක් සිදු කරනවා.

පෙරේදා රාත්‍රියේ දී සඳමාලි මහත්මියව පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර යමින් සිටියදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් පැමිණ ඇයට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පහරකෑමට ලක් වූ සඳමාලි නාගරික මන්ත්‍රීවරිය චෝදනා කළේ තමන්ට පහර දුන් අය මාලිමා පාක්ෂිකයින් බවයි.

කෙසේවෙතත් මෙම සිදුවීම අයිස්ක්‍රීම් දන්සැලක ඇති වූ පෞද්ගලික ආරවුලක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ද අද විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පැවැත්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?