සඳමාලිට පහරදීමට එරෙහිව කොළඹ මහ නගර සභාව ඉදිරිපිට විරෝධතාවක්

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් මේ වනවිට (18) සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක් ව උද්ඝෝෂණයක් සිදු කරනවා.

පෙරේදා රාත්‍රියේ දී සඳමාලි මහත්මියව පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර යමින් සිටියදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් පැමිණ ඇයට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පහරකෑමට ලක් වූ සඳමාලි නාගරික මන්ත්‍රීවරිය චෝදනා කළේ තමන්ට පහර දුන් අය මාලිමා පාක්ෂිකයින් බවයි.

කෙසේවෙතත් මෙම සිදුවීම අයිස්ක්‍රීම් දන්සැලක ඇති වූ පෞද්ගලික ආරවුලක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ද අද විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පැවැත්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40