සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට සූදානම් – ඇමති සුසිල් (ඡායාරූප)

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල් දරුවන්ගේ සතිය පවත්වාගැනීමට අවශ්‍ය පරිචය ඇති කිරීම සඳහා ‘සති පාසල වැඩසටහන‘ ඉමහත් පිටුබලයක් සලසන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පාසල් දරුවන් තුළ සතිමත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් අද (20) දින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවති ‘සති පාසල‘ වැඩසටහන් මාලාවේ 2024 සමාරම්භක වැඩසටහන සඳහා එක්වෙමිනි.

දරුවන්ගේ හදවත් තුළ මෘදු කුසලතා සංවර්ධනය කරමින් සමාජ සංවේදී, නිර්මාණශීලී අභියෝග ජයගත හැකි විනයගරුක පුරවැසියන් ලෙස සමාජගත කරවීම පිණිස ‘සතිය‘ අත්‍යවශ්‍ය වන බවත් කිසිදු ආගමකට සීමා නොවී සති පාසල වැඩසටහන මෙරට සියලු‍ පාසල් අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගත් දිනයක් බවට පත් කිරීමට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මූලිකත්වය ගෙන කටයුතු කළ ආකාරය ද සිහිපත් කළ අමාත්‍යවරයා යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට තමා තේරී පත්ව සිටින නිසා මෙම සති පාසල වැඩසටහන ද ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද තවදුරටත් අවධාරණය කර සිටියා.

මෙම වැඩසටහන් මාලාව පාසල් පද්ධතිය තුළ වඩාත් සාර්ථකව ක්‍රියාවට නැංවීම පිණිස පළාත් මට්ටමින් සම්පත්දායකයින් පුහුණු කරන බවත් පාසල් තුළ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන ආකාරය නිරන්තර අධීක්ෂණයට ලක් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය වසරේ සිට පාසල් තුළ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සියලු‍ දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසූවා.

WhatsApp Image 2024 02 20 at 12.59.48 1
WhatsApp Image 2024 02 20 at 12.59.47
WhatsApp Image 2024 02 20 at 12.59.55
WhatsApp Image 2024 02 20 at 12.59.54 1
WhatsApp Image 2024 02 20 at 12.59.54
WhatsApp Image 2024 02 20 at 12.59.53
WhatsApp Image 2024 02 20 at 12.59.52
WhatsApp Image 2024 02 20 at 12.59.51
WhatsApp Image 2024 02 20 at 12.59.50 1
WhatsApp Image 2024 02 20 at 12.59.50
WhatsApp Image 2024 02 20 at 12.59.49
WhatsApp Image 2024 02 20 at 12.59.48
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?