දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයේ ඉලක්ක වෙත පාකිස්තානය එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි AP පුවත් සේවය වාර්තා කරනවා.
ඇෆ්ගන් බලධාරින් පැවසුවේ පාකිස්තානය දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ බවයි.
ඒ අනුව ඇෆ්ගන් හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් පාකිස්තාන හමුදා මුරපොළ කිහිපයක් විනාශ වූ බව ද සඳහන්.
පාකිස්තානය චෝදනා කළේ ඇෆ්ගන් හමුදාව ගැටුමට මුලපිරූ බවයි.
ඊදුල් ෆිතර් සැමරුම් හේතුවෙන් දෙරට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණා.
පාකිස්තානයේ විදේශ කාර්යාලය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඇෆ්ගන් තලේබාන් සංවිධානයට එරෙහි ආරම්භ කළ ගසබ් ලිල්-හක් මෙහෙයුමේ තාවකාලික විරාමය අවසන් වී ඇති බවත්, මෙහෙයුම “එහි අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක්” පවතින බවත්ය.













