සජින් වාස් ගුණවර්ධන ඇතුළු තිදෙනකු නඩුවකින් නිදහස් කෙරේ

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797න් වාහන 309ක් භාර දී නොමැති බවට චෝදනා ගොනු කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

අද (02) දහවල් මෙම නියෝගය නිකුත් කරන ලද බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔවුන් එම නඩුවෙන් මුදා හරින ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

නිදහස් කළ තිදෙනාගේ විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ටාර්වරියට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අප මත මුදා හැර ඇති පළමු සැකකරු මියගොස් ඇති බව මහේස්ත්‍රාත්වරිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය භාරව කටයුතු කළ කීර්ති අමරසිංහ දිසානායක, මොහොමඩ් ස්මයිල් අහමඩ් කබීර්, සචින් වාස් ගුණවර්ධන, සුදත් අබේසිංහ යන අයවළුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ අධි ආරක්ෂිත බෙන්ස් කාර් රථය, ලියාපදිංචි නොකළ රෙක්ස්ටන් ජීප් රථය, කැබ් රථය, ලෑන්ඩ් කෘසර් ජීප් රථය ඇතුළු වාහන 20ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා භාරයේ තිබූ බවට විමර්ශන අනාවරණය කර තිබුණු බවයි හෙළි වූයේ.

2015 වසරේ දී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රවාහන නිලධාරියා පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21