සජිත් වෙනුවෙන් රංජිත් ඇප මුදල් තැන්පත් කරයි (නිවේදනය)

ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

අද (31) පෙරවරුවේ විපක්ෂ නායකවරයා වෙනුවට මෙම ඇප මුදල් මැතිවරණ මහ ලේකම් කාර්‍යාලයේ මුදල් අංශය වෙත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින්.

මේ අතර මේ වනවිට සජිත් ප්‍රේමදාස සමගින් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ ගණන 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් මස 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බවට දැනුම්දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට පළමු ව ඇප මුදල් තැන්පත් කරමින්; තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දුන්නා.

ඉන් පසුව සරත් කීර්තිරත්න, ඕෂල ලක්මාල් හේරත් සහ ඒ.එස්.පී. ලියනගේ යන අය පෙරේදා (29) දිනය තෙක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දුන්නේ ඊයේ (30) දිනයේ දී කිසිදු අපේක්ෂකයෙකු ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොකළ බවයි.

ඒ අනුවයි අද දිනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සමගි ජන බලවේගය පැමිණ ඇප මුදල් තැන්පත් කෙරුණේ.

WhatsApp Image 2024 07 31 at 10.56.20
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?