සජිත් වෙනුවෙන් රංජිත් ඇප මුදල් තැන්පත් කරයි (නිවේදනය)

ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

අද (31) පෙරවරුවේ විපක්ෂ නායකවරයා වෙනුවට මෙම ඇප මුදල් මැතිවරණ මහ ලේකම් කාර්‍යාලයේ මුදල් අංශය වෙත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින්.

මේ අතර මේ වනවිට සජිත් ප්‍රේමදාස සමගින් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ ගණන 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් මස 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බවට දැනුම්දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට පළමු ව ඇප මුදල් තැන්පත් කරමින්; තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දුන්නා.

ඉන් පසුව සරත් කීර්තිරත්න, ඕෂල ලක්මාල් හේරත් සහ ඒ.එස්.පී. ලියනගේ යන අය පෙරේදා (29) දිනය තෙක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දුන්නේ ඊයේ (30) දිනයේ දී කිසිදු අපේක්ෂකයෙකු ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොකළ බවයි.

ඒ අනුවයි අද දිනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සමගි ජන බලවේගය පැමිණ ඇප මුදල් තැන්පත් කෙරුණේ.

WhatsApp Image 2024 07 31 at 10.56.20


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15