සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක වී තිබෙනවා.

මීට ඉහතදී මෙම සමූහ ව්‍යාපාරයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබූ අතර ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙසටයි අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ.

එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදු කළ ද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත ඔහු යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින්.

එමෙන්ම තමන් යළි තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ තමා අධ්‍යක්ෂ ධූරවලින්වලින් නෙරපීම අරමුණු කරගෙන පවත්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකිවන ආකාරයෙන් ද සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට කරුණු ඇතුළත් කරගෙන ඇතැයි සඳහන්. ඒ අනුව එම නඩුව ලබන 20 වනදා කැඳවීමට නියමිතයි.

මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් ඊයේ (03) සමාගමේ සමූහ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණා.

ඒ අනුව අධිකරණ නියෝග ද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටිමින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට ද කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබූ බවටයි වාර්තා වන්නේ.

ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබෙනවා. සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කර ඇත්තේ තම සේවා දායකයා මෙම සමාගම්වලින් ඉවත් කිරීම හරහා එම ආයතන ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි අතර සමාගම් තිරසාරභාවයට දැඩි හානිකර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බව ද ඔවුන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. පසුගිය වසර 5 තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

මේ අතර කසුන් රාජපක්ෂගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම්වල කාර්ය සාධනය පිළිබඳව ද අධිකරණයට දැක්වූ කරුණු ඔස්සේ අනාවරණය වී තිබුණා.

ඒ අනුව පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ සහ කාවින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රුපියල් මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75කට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහායි.

සමාගම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ. එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.

WhatsApp Image 2023 11 04 at 19.07.44
WhatsApp Image 2023 11 04 at 19.07.44 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29