සජබ සහ ජවිපෙ එකතු කරගන්නැයි අගමැති කියයි

රජය මේ වනවිට ආරම්භ කර ඇති වගා සංග්‍රාම වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට අද (30) උපදෙස් ලබාදුන්නා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ අදාළ අංශවල නිලධාරීන් පිරිසක් එක්විය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

“අපිට තියෙන්නේ අපේ ජනතාවට වුවමනා ආහාර ලබාදෙන්න. මුදල් නැත්නම් ඒකටත් ආධාර කරන්න. වැඩසටහන ආරම්භ කරලා රටම එකතු කරගෙන යන්න ඕන. කොට්ඨාස මට්ටමින් මේක කරන්න බලන්න. විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරනවා. ඒක හොඳයි.”

“අපි ඒකත් මෙතනට එකතු කරගමු. එතකොට ඒ අයට නැති සහයෝගය මෙතැනින් ලබාදෙන්න පුළුවන්. ඉඩම් නැත්නම් ඇමති බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා ඉඩම් ලබාදෙනවා කියලා. කෘෂිකර්ම ඇමතිත් සහය දෙයි. වාරිමාර්ග ඇමතිත් සහය දෙන්න සූදානම්. පක්ෂ දෙකේ වැඩසටහනත් මෙතනට එකතු කරගෙන අපි ඉදිරියට යමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?