සජබ විරෝධතාවයට, විරෝධය පෑ අයෙක්ට මහ මඟදී පහර දෙයි

විකෘති අධ්‍යාපනය එපා යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ අද (28) පස්වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී.පෙරේරා ද සහභාගී වී සිටියා.

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් විසින් විරෝධතාකරුවන්ට සිය විරෝධය ප්‍රකාශ කිරීමත් සමඟ විරෝධයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් විසින් අදාළ පුද්ගලයා වෙත පහර දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එලෙස පර දීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් කළුතර දකුණ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
11
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?