AFC Banner
Empty Ad
Empty Ad

සජබ විරෝධතාවට තහනම් නියෝගයක්

සමඟි ජනබලවේගය විසින් අද (30) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතාවට තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් කොළඹ මහේස්ත්‍රාත් එල්. මංජුල රත්නායක විසින් මෙම තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලුම සාමාජිකයින් වෙත අදාළ නියෝගය නික්තු කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිරවන ලෙස ගමන් කිරීම තහනම් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?